• Increase font size
  • Default font size
  • Decrease font size



2014-04-03 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 රජරට වකුගඩු රෝගය හා කෘෂි රසායන ද්‍රව්‍ය අවිධිමත් ලෙස භාවිත කිරීම පිළිබඳව වූ පාර්ලිමේන්තු උපදේශක කාරක සභාවේ නිර්දේශ ක්‍රියාවට නැංවීම සහ රසායනික පොහොර සහ වෙනත් කෘෂි රසායනික ද්‍රව්‍ය අවිධිමත් ලෙස භාවිත කිරීම පිළිබඳව සකස් කරන ලද ක්‍රියාකාරී සැලැස්ම
2 ‍ජාතික ඖෂධ, උපකරණ සහ විලවුන් නියාමන අධිකාරිය පනත් කෙටුම්පත
3 නිවාස හා තිරසර සංවර්ධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ තුන්වන සම්මන්ත්‍රණය (හැබිටැට් III) 2016
4 සමාජ ඒකාබද්ධතාව සහ පරිවර්තනය සඳහා වන මුල පිරීම් පහසුකරණය ව්‍යාපෘතිය (FLICT) ක්‍රියාවට නැංවීම
5 ආසියානු හා ශාන්තිකර කලාපීය පොල් ප්‍රජා සංසදයේ 46 වන පොල් තාක්ෂණ රැස්වීම - 2014 ජූලි මස 7‑11
6 දේශීය බැංකු විසින් සපයනු ලබන අරමුදල් මඟින් දේශීය කොන්ත්‍රාත්කරුවන් යොදවා ජාතික මහාමාර්ග පුනරුත්ථාපනය කිරීම - අදියර 2 යටතේ කොන්ත්‍රාත් අටක් (08) ප්‍රදානය කිරීම
7 කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධි අධ්‍යයන පීඨය සඳහා ඉදි කෙරෙන මහල් හතකින් සමන්විත ගොඩනැඟිල්ලේ දෙවන අදියර ඉදි කිරීම
8 කොරියානු අපනයන - ආනයන බැංකුවේ ආර්ථික සංවර්ධන සහයෝගිතා අරමුදල යටතේ ලබා ගන්නා වූ ණය මුදලක් මඟින් ශ්‍රී ලංකාව තුළ ඝන අපද්‍රව්‍ය බැහැර කිරීමේ පහසුකම් ඉදි කිරීමේ ව්‍යාපෘතිය සඳහා උපදේශක සේවාවන් ලබාගැනීම (අපනයන - ආනයන බැංකුවේ ණය ගිවිසුම් අංකය SRI - 21)
9 කුණ්ඩසාලේ ප්‍රාසංගික කලා නිකේතනයේ ඉදි කිරීම් වැඩ පැවරීම
10 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය සහ ඇෆ්ගනිස්ථාන ඉස්ලාමීය ජනරජය අතර අධ්‍යාපන ‍ක්ෂේත්‍රයේ සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම
11 අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 200ක් සඳහා ආරක්ෂණ පද්ධති සැපයීම හා ස්ථාපිත කිරීම ආරම්භ කිරීම
12 දේශීය බැංකු ණය මුදල් උපයෝගි කර ගනිමින් ප්‍රමුඛතා මාර්ග පුනරුත්ථාපනය කිරීම
13 බස්නාහිර පළාත් මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය
14 රත්මලාන/මොරටුව හා ජා-ඇළ/ඒකල ප්‍රදේශයන්හි අපවිත්‍ර ජලය පිරිපහසු පහසුකම් සැලසීමේ ව්‍යාපෘතිය
15 දඬුවම් විඳින තැනැත්තන් භාර දීම සඳහා ශ්‍රී ලංකා රජය සහ වියට්නාම රජය අතර ඇති කර ගන්නා ගිවිසුම
16 අනුරාධපුර ශික්ෂණ රෝහලේ භික්ෂු වාට්ටු සංකීර්ණය ඉදි කිරීම (අදියර 1)
17 නිපුණතා සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ලෝක බැංකුවේ අන්තර්ජාතික සංවර්ධන සමායතනය (IDA) වෙතින් ඇ.එ.ජ. ඩො. මිලියන 83ක ණය මුදලක් ලබාගැනීම
18 ජලවේලි සුරැකුම් සහ ජලසම්පත් සැලසුම්කරණ ව්‍යාපෘතියෙහි අතිරේක මූල්‍යන අවශ්‍යතා සපුරා ගැනීම සඳහා ලෝක බැංකුවේ අන්තර්ජාතික සංවර්ධන සමායතනය (IDA) වෙතින් ඇ.එ.ජ.ඩො. මිලියන 83ක ණය මුදලක් ලබාගැනීම
19 අඹතලේ ජලසම්පාදන පද්ධතිය වැඩිදියුණු කිරීමේ හා බලශක්ති ඉතුරුම් ව්‍යාපෘතිය සහ කොළඹ නැ‍ඟෙනහිර නගර ජලසම්පාදන ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීම උදෙසා ණය පහසුකම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.