• Increase font size
  • Default font size
  • Decrease font size

2014-04-03 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දේශීය බැංකු ණය මුදල් උපයෝගි කර ගනිමින් ප්‍රමුඛතා මාර්ග පුනරුත්ථාපනය කිරීම

- පහත සඳහන් මාර්ග කොටස් පුරනරුත්ථාපනය කිරීම සඳහා ණය මුදල් ලබාගැනීමට දේශීය බැංකු සමඟ ගිවිසුම්වලට එළඹීම සඳහා මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

* අඹේපුස්ස - කුරුණෑගල - ත්‍රිකුණාමලය මාර්ගයේ ගලේවෙල සිට දඹුල්ල දක්වා (කි.මී.14) මාර්ග කොටස පුනරුත්ථාපනය සහ වැඩිදියුණු කිරීම; සහ

* කෝට්ටේ - බෝපේ (බී240) මාර්ගයේ කි.මී. 0.00 සිට කි.මී.3.70 දක්වා සහ බත්තරමුල්ල - පන්නිපිටිය (බී47) මාර්ගයේ කි.මී.0.00 සිට කි.මී.3.50 දක්වා මාර්ග කොටස පුනරුත්ථාපනය සහ වැඩිදියුණු කිරීම.