• Increase font size
  • Default font size
  • Decrease font size

2014-04-03 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දඬුවම් විඳින තැනැත්තන් භාර දීම සඳහා ශ්‍රී ලංකා රජය සහ වියට්නාම රජය අතර ඇති කර ගන්නා ගිවිසුම

- ශ්‍රී ලංකාවේ අධිකරණයක් විසින් වරදකට වරදකරු කොට බන්ධනාගාරගත කරනු ලබන වෙනත් රටක පුරවැසියෙකුට ඔහුගේ දණ්ඩන නියමය ඔහු පුරවැසියකු යයි හිමිකම් පාන රට තුළ විඳීමට හැකියාව ලැබෙන විධිවිධාන 1995 අංක 5 දරන වරදකරුවන් භාර දීමේ පනතේ ඇතුළත් වේ. එසේම යම් රටකදී යම් වරදකට වරදකරු කර බන්ධනාගාරගත කරනු ලබන ශ්‍රී ලාංකික පුරවැසියකුට ඔහුගේ ඉතිරි සිර දඬුවම් කාලය විඳීම පිණිස ශ්‍රී ලංකාවට භාර දීම සඳහාද මෙම පනතේ ඒ හා සමාන විධිවිධාන සලසා ඇත. වියට්නාමයේ මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යවරයාගේ ඉදිරි ශ්‍රී ලංකා සංචාරය තුළදී ඉහත ගිවිසුම අත්සන් කිරීම සඳහා අධිකරණ අමාත්‍ය, ගරු රවුෆ් හකීම් මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.