• Increase font size
  • Default font size
  • Decrease font size

2014-04-03 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රජරට වකුගඩු රෝගය හා කෘෂි රසායන ද්‍රව්‍ය අවිධිමත් ලෙස භාවිත කිරීම පිළිබඳව වූ පාර්ලිමේන්තු උපදේශක කාරක සභාවේ නිර්දේශ ක්‍රියාවට නැංවීම සහ රසායනික පොහොර සහ වෙනත් කෘෂි රසායනික ද්‍රව්‍ය අවිධිමත් ලෙස භාවිත කිරීම පිළිබඳව සකස් කරන ලද ක්‍රියාකාරී සැලැස්ම

- මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යතුමා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යතුමා, ඉදි කිරීම්,ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යතුමා, කෘෂිකර්ම අමාත්‍යතුමා සහ විශේෂ ව්‍යාපෘති අමාත්‍යතුමා මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කළ නිරීක්ෂණ සැලකිල්ලට ගනිමින් මෙම කාර්යය සඳහා සකස් කරන ලද ක්‍රියාකාරී සැලැස්මේ අන්තර්ගත පුමුඛතා ක්ෂේත්‍ර හඳුනා ගැනීමට සහ ප්‍රමුඛතා පදනමක් මත යෝජනා කඩිනමින් ක්‍රියාවට නැංවීම සහතික කිරීම පිණිස ජනාධිපති කාර්ය සාධක බලකායක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලදී.