• Increase font size
  • Default font size
  • Decrease font size

2014-04-03 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කුණ්ඩසාලේ ප්‍රාසංගික කලා නිකේතනයේ ඉදි කිරීම් වැඩ පැවරීම

- මධ්‍යම පළාතේ කුණ්ඩසාලේ පිහිටි අක්කර 05ක භූමි භාගයක මෙම ආයතනයේ ඉදි කිරීම් කටයුතු දැනට සිදු වෙමින් පවතින අතර එහි නේවාසිකාගාර දෙකෙහි (02) වැඩ ඉතා ඉක්මනින් අවසන් කළ යුතුව ඇත. රජයේ ආයතනයක් වන ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය වෙත මෙම ඉදි කිරීම් කටයුතු පැවරීම සඳහා සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍ය, ගරු ටී.බී.ඒකනායක මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.