• Increase font size
  • Default font size
  • Decrease font size

2014-04-03 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
නිපුණතා සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ලෝක බැංකුවේ අන්තර්ජාතික සංවර්ධන සමායතනය (IDA) වෙතින් ඇ.එ.ජ. ඩො. මිලියන 83ක ණය මුදලක් ලබාගැනීම

- දැනුම මත පදනම් වූ ආර්ථිකයක් කරා ශ්‍රී ලංකාව යන ගමනේදී වැදගත් මෙහෙවරක් ඉටු කරනු ලබන තාක්ෂණික සහ වෘත්තීය අධ්‍යාපනය සහ පුහුණුව (TVET) පූර්ව ළමා විය සංවර්ධනයේ සිට උසස් අධ්‍යාපනය දක්වා ඒකාබද්ධ ක්‍රියාවලියක් ලෙස මානව ප්‍රාග්ධනය සඳහා ආයෝජනය කිරීමේ ඇති වැදගත්කම රජයේ සංවර්ධන ප්‍රතිපත්ති රාමුව විසින් පිළිගනු ලැබේ. 2020 වන විට දේශීය හා විදේශීය රැකියා වෙළඳපොලේ ඉල්ලුමට සරිලන පරිදි කාර්යක්ෂම කුසලතා සංවර්ධන ක්‍රමයක් ගොඩ නැඟීම සඳහා ක්‍රමෝපායික රාමුව සපයන ආංශික නිපුණතා සංවර්ධන වැඩසටහන (SSDP) රජය විසින් දියත්‍ කරනු ලැබ ඇත. මෙම කාර්යය සඳහා ලෝක බැංකුවේ ජාත්‍යන්තර සංවර්ධන සමායතනය මඟින් විශේෂ හර ගැනුම් හිමිකම් හා සමාන ඇමෙරිකානු ඩොලර් මිලියන 83ක මුදලක් ලබා දීමට එකඟත්වය පළ කොට ඇත. එම ණය මුදල ලබාගැනීමට අදාළ ඉදිරි කාර්යයන් කරගෙන යාම පිණිස මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.