• Increase font size
  • Default font size
  • Decrease font size

2014-04-03 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
‍ජාතික ඖෂධ, උපකරණ සහ විලවුන් නියාමන අධිකාරිය පනත් කෙටුම්පත

- ජාතික ඖෂධ, උපකරණ සහ විලවුන් නියාමන අධිකාරිය පිහිටුවීම සඳහා වූ පනත් කෙටුම්පත සෞඛ්‍ය අමාත්‍ය, ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලදී. එකී අධිකාරිය පිහිටුවීමේ ප්‍රධාන අරමුණු නම්;

* ආරක්ෂිත සහ මනා ගුණාත්මක බවෙන් යුත් ඖෂධ සහ ආරක්ෂිත, ඵලදායී සහ පිළිගත හැකි ගුණාත්මක තත්ත්වයෙන් යුතු විලවුන් දැරිය හැකි මිල ගණන්වලට මහජනතාවට ලබාගැනීමට තිබෙන බවට සහතික කිරීම;

* ඖෂධ, උපකරණ සහ විලවුන් ආනයනය, නිෂ්පාදනය, ගබඩා කිරීම, අලෙවි කිරීම, බෙදා හැරීම ආදිය හා සබැඳුණු සියලු කටයුතු සඳහා මධ්‍යම නියාමක ලෙස ක්‍රියා කිරීම;

* සෞඛ්‍ය අංශයට සහ මහජනතාව‍ට ලබා ගැනීම සඳහා සුරක්ෂිත, හොඳ තත්ත්ව‍යේ ගුණාත්මක ඖෂධ පමණක් පවතින බව ජාතික ඖෂධ තත්ත්ව සහතික කිරීමේ විද්‍යාගාර සහ වෙනත් පිළිගත් විද්‍යාගාර මඟින් ලබා දෙන සේවා මඟින් සහතික කිරීම; * ඖෂධ, උපකරණ සහ විලවුන් ආනයනය සහ ලියාපදිංචි කිරීම හා සම්බන්ධ සියලු කටයුතු විනිවිදභාවයෙන් යුතුව සිදු කෙරෙන බව සහතික කිරීම; සහ

* ශ්‍රී ලංකාව තුළ ඖෂධ නිෂ්පාදනය ප්‍රවර්ධනය හා දිරිමත් කිරීම.

මෙම පනත් කෙටුම්පත නිර්දේශ ලබාගැනීම පිණිස, ප්‍රථම කොට, ව්‍යවස්ථා කටයුතු පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාව වෙත යොමු කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලදී.