• Increase font size
  • Default font size
  • Decrease font size

2014-04-03 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කොරියානු අපනයන - ආනයන බැංකුවේ ආර්ථික සංවර්ධන සහයෝගිතා අරමුදල යටතේ ලබා ගන්නා වූ ණය මුදලක් මඟින් ශ්‍රී ලංකාව තුළ ඝන අපද්‍රව්‍ය බැහැර කිරීමේ පහසුකම් ඉදි කිරීමේ ව්‍යාපෘතිය සඳහා උපදේශක සේවාවන් ලබාගැනීම (අපනයන - ආනයන බැංකුවේ ණය ගිවිසුම් අංකය SRI - 21)

- ‍ ඉහත ව්‍යාපෘතිය මූල්‍යනය සඳහා කොරියානු රජය විසින් ඇමෙරිකානු ඩොලර් 33,536,000ක මුදලට සමාන හා එම මුදල නොඉක්මවන කොරියානු වොන්වලින් ණය මුදලක් ලබා දෙන අතර, එම ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකා රජය ම‍ඟින් දරන දායකත්වය ඇමෙරිකානු ඩොලර් 8,350,000කි. ව්‍යාපෘති කාල සීමාව අවුරුදු 04 කි. මෙම සනීපාරක්ෂක කසළ රඳවන ඉදි කෙරෙනුයේ අනුරාධපුරයේ කිරික්කුලම, හික්කඩුවේ මොන්රෝවියාවත්ත, පානදුර මාලමුල්ල සහ උඩුනුවර ගෝනාධිකවත්ත යන ස්ථානවල වන අතර මෙය අදාළ පළාත් පාලන ආයතන බල ප්‍රදේශවල ජනනය වන කසළ අවශේෂ, පොකුරු ක්‍රමය මත පදනම්ව අවසාන වශයෙන් බැහැර කිරීමේ පොදු පහසුකමක් ලෙස ක්‍රියාත්මක වනු ඇත. ඉහත ව්‍යාපෘතියේ උපදේශක සේවාවන් සඳහා වූ ටෙන්ඩරය පිරිනැමීම සඳහා ්‍ය පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය, ගරු සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.