• Increase font size
  • Default font size
  • Decrease font size

2014-04-03 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සමාජ ඒකාබද්ධතාව සහ පරිවර්තනය සඳහා වන මුල පිරීම් පහසුකරණය ව්‍යාපෘතිය (FLICT) ක්‍රියාවට නැංවීම

- ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍යාංශය පුද්ගල සහ සාමූහික අයිතීන් සුරකින සහ එකිනෙකාට ගරු කරන සංවර්ධිත හා සමාජීය වශයෙන් ඒකබද්ධ වූ ත්‍රෛභාෂා සමාජයක් නිර්මාණය කිරීමට ප්‍රතිපත්ති සම්පාදනය, මඟ‍ පෙන්වීම, පහසුකම් සැලසීම හා සම්බන්ධ වීම යන එහි මෙහෙවර හා පෙළ ගැසෙමින් 2004 වර්ෂයේ සිට, එනම් එහි ආරම්භයේ සිටම සමාජ ඒකාබද්ධතාව සහ පරිවර්තනය සඳහා වන මුල පිරීම් පහසුකරණය (FLICT) ව්‍යාපෘතිය සමඟ කටයුතු කරමින් සිටියි. ව්‍යාපෘතියේ අවසන් අදියර ආර්ථික සහයෝගිතාව හා සංවර්ධනය පිළිබඳ ජර්මානු අමාත්‍යාංශය මඟින් යූරෝ මිලියන 2.5ක් සහ යුරෝපා කොමිසම මඟින් යූරෝ 899,158.40ක්ද වශයෙන් යූරෝ 3,399,158.40ක ඒකාබද්ධ දායකත්වයක් ඇතිව ක්‍රියාවට නැංවීමට නියමිතය. මෙම කාර්යය සඳහා වූ ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීම පිණිස ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍ය, ගරු වාසුදේව නානායක්කාර මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.