• Increase font size
  • Default font size
  • Decrease font size

2014-04-03 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජලවේලි සුරැකුම් සහ ජලසම්පත් සැලසුම්කරණ ව්‍යාපෘතියෙහි අතිරේක මූල්‍යන අවශ්‍යතා සපුරා ගැනීම සඳහා ලෝක බැංකුවේ අන්තර්ජාතික සංවර්ධන සමායතනය (IDA) වෙතින් ඇ.එ.ජ.ඩො. මිලියන 83ක ණය මුදලක් ලබාගැනීම

- දිවයිනේ උතුරු සහ නැ‍‍ඟෙනහිර සමහර ප්‍රදේශවල පිහිටි ජලවේලි ප්‍රතිසංස්කරණය සහ නවීකරණය ඇතුළත් ව්‍යාපෘති කටයුතු මූල්‍යනය කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 83ක අතිරේක මුදලක් ඉහත ව්‍යාපෘතිය වෙනුවෙන් සැපයීමට ජාත්‍යන්තර සංවර්ධන සමායතනය විසින් එකඟත්වය පළ කොට ඇත. එම ණය මුදල ලබාගැනීමට අදාළ කාර්යයන් කරගෙන යාම පිණිස මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.