• Increase font size
  • Default font size
  • Decrease font size

2014-04-03 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අඹතලේ ජලසම්පාදන පද්ධතිය වැඩිදියුණු කිරීමේ හා බලශක්ති ඉතුරුම් ව්‍යාපෘතිය සහ කොළඹ නැ‍ඟෙනහිර නගර ජලසම්පාදන ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීම උදෙසා ණය පහසුකම

- නගර වැසියන්ට බාධාවකින් තොර අඛණ්ඩ ජල සැපයුමක් හා සනීපාරක්ෂක සේවාවන් තහවුරු කෙරෙන පරිදි මහ කොළඹ ජල හා අපජල කළමනාකරණය වැඩිදියුණු කිරීමේ ආයෝජන වැඩසටහන ක්‍රියාවට නැංවීමට රජය අදහස් කරයි. අඹතලේ ජල සම්පාදන පද්ධති වැඩිදියුණු කිරීමේ හා බලශක්ති ඉතුරුම් ව්‍යාපෘතිය සහ කොළඹ නැ‍ඟෙනහිර ජලසම්පාදන ව්‍යාපෘතිය සඳහා ප්‍රංශය විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 100.86ක ණය පහසුකමක් ලබා දීමට නියමිත අතර, ඉතිරි මුදල වන ඇමරිකානු ඩොලර් මිලියන 36.24 ශ්‍රී ලංකා රජය විසින් දැරීමට අපේක්ෂිතය. එම ණය මුදල ලබාගැනීමට අදාළ කාර්යයන් කරගෙන යාම සඳහා මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.