• Increase font size
  • Default font size
  • Decrease font size

2014-04-03 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අනුරාධපුර ශික්ෂණ රෝහලේ භික්ෂු වාට්ටු සංකීර්ණය ඉදි කිරීම (අදියර 1)

- අනුරාධපුර නගරයේ සහ ඒ අවට පිහිටි විහාරස්ථානවල වැඩ වෙසෙන භික්ෂූන් වහන්සේලා සඳහා සෞඛ්‍ය සේවා සැපයීම පිණිස අනුරාධපුර ශික්ෂණ රෝහලෙහි පවත්වාගෙන යනු ලබන භික්ෂූන් සඳහා වන විශේෂ වාට්ටුව ගරා වැටුණ තත්ත්වයක තිබිණි. රුපියල් 59,787,498.85ක ඇස්තමේන්තුගත පිරිවැයකට අනුරාධපුර ශික්ෂණ රෝහලේ නව භික්ෂු වාට්ටු සංකීර්ණයේ බිම් මහලෙහි සහ පළමු මහලෙහි ඉදි කිරීම්වලින් සමන්විත යෝජිත අදියර 1හි ඉදි කිරීම් කටයුතු රජයේ ආයතනයක් වන ඉංජිනේරුමය කාර්යන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය වෙත පැවරීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය, ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.