• Increase font size
  • Default font size
  • Decrease font size

2014-04-03 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
නිවාස හා තිරසර සංවර්ධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ තුන්වන සම්මන්ත්‍රණය (හැබිටැට් III) 2016

- නිවාස හා තිරසර සංවර්ධනය පිළිබද එක්සත් ජාතී‍න්ගේ තුන්වන සම්මන්ත්‍රණය (හැබිටැට් III) 2016 වසරේදී පැවැත්වීමට නියමිතය. එකී සම්මන්ත්‍රණය මෙම සංවිධානයේ සාමාජික රටවල නිවාස විෂය භාර ගරු අමාත්‍යවරුන්ගේ සහ අදාළ රටවල රාජ්‍ය නායකයින්ගේ සහභාගීත්වයෙන් වසර 20කට වරක් පැවැත්වේ. ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිරීමට නියමිත සියලු කටයුතු සංවිධානය කිරීම පිණිස සහ මෙම සමුළුවට ඉදිරිපත් කිරීම‍ට නියමිත වාර්තාව සැකසීම පිණිස අදාළ අමාත්‍යාංශවල ලේකම්වරුන්ගෙන් සහ ආයතන ප්‍රධානීන්ගෙන් සමන්විත ජාතික මෙහෙයුම් කමිටුවක් පත් කිරීම සඳහා ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය, ගරු විමල් වීරවංශ මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.