• Increase font size
  • Default font size
  • Decrease font size

2014-04-03 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දේශීය බැංකු විසින් සපයනු ලබන අරමුදල් මඟින් දේශීය කොන්ත්‍රාත්කරුවන් යොදවා ජාතික මහාමාර්ග පුනරුත්ථාපනය කිරීම - අදියර 2 යටතේ කොන්ත්‍රාත් අටක් (08) ප්‍රදානය කිරීම

- අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් නි‍ර්දේශ කර ඇති පරිදි පහත සඳහන් මාර්ග කොටස් පුනරුත්ථාපනය සඳහා වන කොන්ත්‍රාත්තු පිරිනැමීම සඳහා මහාමාර්ග, වරාය හා නාවික අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

* පැරණි කොළඹ - ගාල්ල (ඒ2) මාර්ගයේ කි.මී. 17.50 සිට කි.මී. 25.20 දක්වා කොටස;
* බිබිල - ඌරණිය - මහියංගණ (බී57) මාර්ගයේ කි.මී. 0.00 සිට කි.මී. 10.00 දක්වා කොටස;
* බිබිල - ඌරණිය - මහියංගණ (බී57) මාර්ගයේ කි.මී. 18.00 සිට කි.මී. 22.00 දක්වා කොටස;
* මල්ලවපිටිය - රම්බොඩගල්ල - කැප්පෙටිපොල (බී264) මාර්ගයේ කි.මී. 0.00 සිට කි.මී. 10.00 දක්වා කොටස;
* මල්ලවපිටිය - රම්බොඩගල්ල - කැප්පෙටිපොල (බී264) මාර්ගයේ කි.මී. 10.00 සිට කි.මී. 15.75 සහ කි.මී. 20.25 සිට කි.මී.37.81 දක්වා කොටස
* ඇඹිලිපිටිය - මොරකැටිය - කිරිඉබ්බන්ආර - උඩමව්ආර (බී549) මාර්ගයේ කි.මී. 6.12 සිට කි.මී. 14.84 දක්වා කොටස;
* වැලිගත්ත - බූන්දල - කිරින්ද මාර්ගයේ කි.මී. 0.00 සිට කි.මී. 19.20 දක්වා කොටස;
* තංගල්ල - කඳුරුපොකුණ - බෙලිඅත්ත - කඳුරුපොකුණ - දෙද්දුවාවල මාර්ගයේ කි.මී. 0.00 සිට කි.මී. 12.76 දක්වා කොටස;