• Increase font size
  • Default font size
  • Decrease font size

2014-04-03 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ආසියානු හා ශාන්තිකර කලාපීය පොල් ප්‍රජා සංසදයේ 46 වන පොල් තාක්ෂණ රැස්වීම - 2014 ජූලි මස 7‑11

- ආසියානු හා ශාන්තිකර පොල් ප්‍රජාව වනාහි ආසියානු සහ ශාන්තිකර කලාපය සඳහා වන එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජීය කොමිසමේ (UN - ESCAP) අනුග්‍රහය යටතේ 1969 වසරේදී ස්ථාපිත කෙරුණු පොල් වගා කෙරෙන රටවල් 18ක සංසදයක් ලෙස ක්‍රියාත්මක වන කලාපීය අන්තර් ආණ්ඩුමය ස්වාධීන සංවිධානයකි. ආසියානු-ශාන්තිකර කලාපීය පොල් ප්‍රජාවෙහි සාමාජික රටවල් ලෝකයේ පොල් නිෂ්පාදනයෙන් 85% සිට 90% දක්වා ප්‍රමාණයකට හිමිකම් කියයි. මෙම ප්‍රජාවෙහි සාමාජිකයකු වන ශ්‍රී ලංකාව ලෝකයේ සිව්වෙනි විශාලතම පොල් නිෂ්පාදකයා වේ. ආසියානු හා ශාන්තිකර කලාපීය පොල් ප්‍රජාවෙහි 46වන පොල් තාක්ෂණ (COCOTECH)රැස්වීම ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත අතර, රටවල් 18කින් සියයකට (100) අධික නියෝජිත පිරිසක් මේ සඳහා සහභාගි වනු ඇත. පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන අමාත්‍ය ගරු ඒ.පී. ජගත් පුෂ්පකුමාර මැතිතුමා විසින් අමාත්‍ය මණ්ඩලයේ දැන ගැනීම පිණිස ඉහත තොරතුරු ඉදිරිපත් කරන ලදී.