• Increase font size
  • Default font size
  • Decrease font size

2014-04-03 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
බස්නාහිර පළාත් මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය

- මහාමාර්ග, වරාය හා නාවික අමාත්‍යාංශය බස්නාහිර පළාතේ ඇති මහාමාර්ගවලින් කි.මී. 26.13ක් ඇමෙරිකානු ඩොලර් මිලියන 22.7ක මුළු වියදමකින් උත්ශ්‍රේණිගත කිරීමට, වැඩිදියුණු කිරීමට සහ පුළුල් කිරීමට හඳුනාගෙන ඇත. අන්තර්ජාතික සංවර්ධනය සඳහා වන ඔපෙක් අරමුදල ඇමරිකානු ඩොලර් මිලියන 17ක ණය මුදලක් ඉහත ව්‍යාපෘතිය සඳහා ලබා දීමට එකඟත්වය පළ කොට ඇත. ඉහත ණය ලබාගැනීම පිණිස අන්තර්ජාතික සංවර්ධනය සඳහා වන ඔපෙක් අරමුදල සමඟ ණය ගිවිසුමකට එළඹීම සඳහා මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.