• Increase font size
  • Default font size
  • Decrease font size



2020-02-12 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි (IMF) සාමාජික රටවල දායකත්වය සහිත අභ්‍යන්තර සම්පත් ප්‍රදානයක් ලෙස භාවිතා කරමින් සෝමාලියාවේ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට සහාය දැක්වීම පිණිස පිහිටුවීමට අපේක්ෂිත හිඟ මුදල් පියවීමේ සහ ණය සහන පැකේජය සඳහා ශ්‍රී ලංකාවේ දායකත්වය ලබා දීම
2 සුරාබදු ආඥාපනත (52 වන අධිකාරය) යටතේ අති විශෙෂ ගැසට් නිවේදන පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීම
3 අම්පාර දීඝවාපී දාගැබ ප්‍රතිනිර්මාණය කිරීම සඳහා ගඩොල් මිල දී ගැනීමට අයදුම්පත් කැඳවීම
4 රාජසන්තක කරන ලද වැලි හා දැව බැහැර කිරීමේ ක්‍රියාවලිය
5 සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයින්ට තම මාසික දායක මුදල් ගිණුම්ගත වීම පිළිබඳව ක්ෂණිකව දැනුම් දීමේ ජංගම දුරකථන කෙටි පණිවිඩ සේවාවක් ක්‍රියාත්මක කිරීම
6 මැඩ්රිඩ් ගිවිසුම යටතේ වෙළඳ හා සේවා ලකුණු ජාත්‍යන්තරව ලියාපදිංචි කිරීම ක්‍රියාත්මක කිරීමට හැකි වනු පිණිස මැඩ්රිඩ් සන්ධාන පත්‍රයට ප්‍රවේශ වීම හා එයට අනුකූල වන පරිදි 2003 අංක 36 දරන බුද්ධිමය දේපළ පනතට සංශෝධන සිදු කිරීම
7 තිරසර සහල් නිෂ්පාදනය යටතේ ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාව හා ආරක්ෂාව සඳහා අන්තර්ජාතික විද්‍යාත්මක සහයෝගිතාව
8 ආහාර සුරක්ෂිතතාව හා වෙළඳපොළ සහල් මිල ස්ථාවර කිරීම සඳහා ආරක්ෂිත සහල් සංචිතයක් පවත්වාගෙන යාම
9 ප්‍රාදේශීය කර්මාන්තපුරවලින් කර්මාන්ත පිහිටුවීම සඳහා ඉඩම් කොටස් වෙන්කර දීම
10 ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් සඳහා ගාස්තු අය කිරීමකින් තොරව වීසා නිකුත් කිරීම දීර්ඝ කිරීම
11 පිටකොටුව මැනිං වෙළඳ සංකීර්ණය පෑලියගොඩ ප්‍රතිස්ථාපනය කිරීම - උපරි ව්‍යුහය ඉදි කිරීම - අධිවේගී මාර්ගය සම්බන්ධ වන මාර්ගයේ සිට යෝජිත මැනිං වෙළඳ සංකීර්ණය දක්වා ප්‍රවේශ මාර්ගයන්හි අන්තර් සම්බන්ධිත කොටස සංවර්ධනය කිරීම හා වැඩි දියුණු කිරීම
12 සෞඛ්‍ය පද්ධති වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය නියාමනය සහ ඇගයීම් සඳහා උපදේශන සමාගමක් තෝරා ගැනීම සඳහා වන ප්‍රසම්පාදනය
13 ආසියානු සංවර්ධන බැංකුව විසින් අරමුදල් සපයනු ලබන දෙවන ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන - බස්නාහිර පළාතේ සිවිල් වැඩ කොන්ත්‍රාත්තු පැකේජ දහයක් ප්‍රදානය කිරීම
14 ඉන්දියානු ණය ආධාර වැඩසටහන යටතේ කුරුණෑගල සහ මහව අතර දුම්රිය මාර්ගය ද්විත්ව මාර්ගයක් බවට පත් කිරීම සඳහා වන යෝජනාව
15 2019/2020 මහ කන්නයේ රජයේ වී මිල දී ගැනීමේ වැඩසටහන සඳහා අරමුදල් සැපයීම
16 2019 මුදල් වර්ෂයේ ගෙවීම් නිරවුල් කර නොමැති බිල්පත් පියවීම වෙනුවෙන් ප්‍රතිපාදන සලසා ගැනීම සඳහා වන යෝජනාව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම
17 ලංකා මිනරල් සෑන්ඩ්ස් ලිමිටඩ් ආයතනය මඟින් කැණීම් කර සපයනු ලබන ඛනිජ වැලි සඳහා අගය එකතු කිරීමේ ව්‍යාපෘතිය රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරිත්ව ක්‍රමය යටතේ ක්‍රියාත්මක කිරීම
18 දීර්ඝකාලීනව උසස්වීම් ලබා නොසිටින පොලිස් කොස්තාපල් තනතුරේ සිට පොලිස් පරීක්ෂක තනතුර දක්වා කාන්තා සහ පිරිමි පොලිස් නිලධරයන් වෙත එක් වරක් පමණක් බලපාන පරිදි උසස්වීම් ලබා දීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.