• Increase font size
  • Default font size
  • Decrease font size

2020-02-12 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රාජසන්තක කරන ලද වැලි හා දැව බැහැර කිරීමේ ක්‍රියාවලිය
- දිවයින පුරා පිහිටි අධිකරණ මගින් රාජසන්තක කරනු ලබන වැලි හා දැව ආගමික සිද්ධස්ථාන හා රාජ්‍ය ආයතන ඉදිකිරීම් හා පිළිසකර කටයුතු සඳහා සහන මිලට ලබා දීමට 2016 වර්ෂයේදී අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී ඇති අතර එලෙස සහන මිලට ලබා දීමේ කාලය වරින් වර දීර්ඝ කර කොට අවසාන වශයෙන් 2019-12-31 දින දක්වා දීර්ඝ කර ඇත. තවදුරටත් ආගමික ස්ථාන සඳහා පමණක් අවශ්‍ය වැලි හා දැව ලබා දීමට හැකි වන පරිදි එකී ක්‍රමවේදය තවත් වසරක කාලයකට දීර්ඝ කිරීම පිණිස අධිකරණ, මානව හිමිකම් සහ නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.