• Increase font size
  • Default font size
  • Decrease font size

2020-02-12 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ආසියානු සංවර්ධන බැංකුව විසින් අරමුදල් සපයනු ලබන දෙවන ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන - බස්නාහිර පළාතේ සිවිල් වැඩ කොන්ත්‍රාත්තු පැකේජ දහයක් ප්‍රදානය කිරීම
- දෙවන ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන බස්නාහිර පළාතේ ග්‍රාමිය මාර්ග පුනරුත්ථාපනය/ වැඩිදියුණු කිරීම සහ නඩත්තු කිරීම සඳහා වන සිවිල් වැඩ කොන්ත්‍රාත්තු පැකේජ 10ක් අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි NCC Limited, Kalika Construction Pvt Ltd. හා Gamini Construction බද්ධ ව්‍යාපාරය, Hovel Construction Pvt Ltd. හා Senok Trade Combine Pvt Ltd. බද්ධ ව්‍යාපාරය, Access Engineering PLC සහ Luxman Metal Crushers & Enterprises යන ආයතන වෙත ප්‍රදානය කිරීම පිණිස මාර්ග සහ මහාමාර්ග අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.