• Increase font size
  • Default font size
  • Decrease font size

2020-02-12 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අම්පාර දීඝවාපී දාගැබ ප්‍රතිනිර්මාණය කිරීම සඳහා ගඩොල් මිල දී ගැනීමට අයදුම්පත් කැඳවීම
- අම්පාර දීඝවාපී දාගැබ ප්‍රතිනිර්මාණය කිරීම සඳහා ගඩොල් මිල දී ගැනීමට ජාතික තරගකාරී පදනමින් ලංසු කැඳවා ඇති අතර, ඒ අනුව ලැබී ඇති ලංසු 08 ක් එම කාර්යයට අදාළව පත් කරනු ලැබ ඇති තාක්ෂණික අගැයීම් කමිටුව විසින් ඇගයීමට ලක් කර නිර්දේශ ඉදිරිපත් කර ඇත. එකී නිර්දේශ සැලකිල්ලට ගෙන සැපයුම්කරුවන් 07 දෙනෙකු තෝරාගෙන ඇති අතර, අවශ්‍ය ගඩොල් එකී සැපයුම්කරුවන් 07 දෙනා වෙතින් සපයාගැනීම පිණිස ගරු අග්‍රාමාත්‍ය සහ බුද්ධ ශාසන, සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.