• Increase font size
  • Default font size
  • Decrease font size

2020-02-12 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ප්‍රාදේශීය කර්මාන්තපුරවලින් කර්මාන්ත පිහිටුවීම සඳහා ඉඩම් කොටස් වෙන්කර දීම
- කර්මාන්ත සහ සැපයුම් කළමනාකරණ අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරන ප්‍රාදේශීය කර්මාන්තපුර සංවර්ධන වැඩසටහන, කර්මාන්ත ප්‍රවර්ධනය අරමුණු කරගෙන ක්‍රියාත්මක වන ප්‍රධාන වැඩසටහනක් වේ. එම වැඩසටහන යටතේ කර්මාන්තපුරවල ව්‍යාපෘති ආරම්භ කිරීම සඳහා ආයෝජකයන් 08 දෙනෙකු වෙත ඉඩම් කොටස් වෙන් කර දීම 'අමාත්‍යාංශ ව්‍යාපෘති ඇගයීම් කමිටුව' විසින් නිර්දේශ කර ඇත. එම ආයෝජකයන් විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති ව්‍යාපෘති යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් මිලියන 726.3ක් ආයෝජනය කිරීමට නියමිතව ඇති අතර, එමඟින් ඍජු රැකියා අවස්ථා 270ක් ජනනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඒ අනුව එකී ඉඩම් කොටස් හඳුනාගත් ආයෝජකයින් වෙත වෙන් කර දීම පිණිස කර්මාන්ත සහ සැපයුම් කළමනාකරණ අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.