• Increase font size
  • Default font size
  • Decrease font size

2020-02-12 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2019/2020 මහ කන්නයේ රජයේ වී මිල දී ගැනීමේ වැඩසටහන සඳහා අරමුදල් සැපයීම
- වී ගොවියාට ඔවුන්ගේ වී අස්වැන්න සඳහා සාධාරණ මිලක් ලබා දීම තහවුරු කිරීම පිණිස 2019/2020 මහ කන්නයේ රජයේ වී මිල දී ගැනීමේ වැඩසටහන මේ වන විට ආරම්භ කර ඇත. සෘජුවම වී අලෙවි මණ්ඩලය විසින් මෙන්ම ප්‍රාදේශීය ලේකම්වරුන් මඟින් සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් හා සමූපකාර සමිති හරහා අදාළ දිස්‍ත්‍රික් ලේකම්වරුන්ගේ/දිසාපතිවරුන්ගේ මෙහෙයවීමෙන් මෙම වී මිල දී ගැනීමේ වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. අදාළ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා මේ වන විට ලංකා බැංකුව, මහජන බැංකුව හා ප්‍රාදේශීය සංවර්ධන බැංකුව හරහා රුපියල් මිලියන 3,830ක ඔඩපණ ණය නිදහස් කිරීමට පියවර ගෙන ඇත. වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා තවදුරටත් අවශ්‍ය අරමුදල් එම බැංකු හරහා ලබා දීම පිණිස මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමා ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.