• Increase font size
  • Default font size
  • Decrease font size

2020-02-12 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ආහාර සුරක්ෂිතතාව හා වෙළඳපොළ සහල් මිල ස්ථාවර කිරීම සඳහා ආරක්ෂිත සහල් සංචිතයක් පවත්වාගෙන යාම
- සෑම වසරකම පාහේ නොවැම්බර්, දෙසැම්බර් වන විට සහල් වෙළඳපොළෙහි මිල ඉහළ යාමක් දක්නට ලැබෙන බැවින් එම කාලය තුළදී බෙදා හැරීම සඳහා සහල් ආරක්ෂිත තොගයක් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවක් පවතී. මෙට්‍රික්ටොන් 24,000ක සහල් ආරක්ෂිත තොග පවත්වාගෙන යාමට අවශ්‍ය ගබඩා ඉඩකඩ මේ වන විට ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව සතුව පවතී. සහල් මිල වැඩි වන අවස්ථාවලදී පවත්වාගෙන යනු ලබන ආරක්ෂිත සහල් තොග සතොස හරහා වෙළඳපොළට රජයේ සහතික මිලට නිකුත් කිරීම මඟින් සහල් මිල ස්ථායි මට්ටමක පවත්වාගෙන යාම අපේක්ෂා කරනු ලබයි. ඒ අනුව, වී අලෙවි මණ්ඩලය විසින් මිල දී ගනු ලබන වී තොග ලබා ගෙන සම්බා සහ නාඩු මෙට්‍රික්ටොන් 20,000ක ආරක්ෂිත සහල් තොගයක් පවත්වාගෙන යාම පිණිස අවශ්‍ය පියවර ගැනීම සඳහා මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය සංව‍ර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.