• Increase font size
  • Default font size
  • Decrease font size

2020-02-12 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2019 මුදල් වර්ෂයේ ගෙවීම් නිරවුල් කර නොමැති බිල්පත් පියවීම වෙනුවෙන් ප්‍රතිපාදන සලසා ගැනීම සඳහා වන යෝජනාව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම
- පසුගිය රජය විසින් පසුගිය වර්ෂය තුළ ආරම්භ කරනු ලැබ ඇති ව්‍යාපෘති සහ වැඩසටහන්වලට අදාළව රුපියල් බිලියන 367කට ආසන්න නොපියවූ වගකීම් නිරවුල් කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සලසා ගැනීමේ අරමුණින් 2020 - අතුරු සම්මත ගිණුම සංශෝධනය කිරීම සඳහා පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කිරීම පිණිස 2020 පෙබරවාරි මස 05 වන දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දෙන ලදී. ඒ අනුව නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරන ලද, නීතිපතිගේ නිෂ්කාශනය ලැබී ඇති එකී යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පිණිස මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමා ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.