• Increase font size
  • Default font size
  • Decrease font size

2020-02-12 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පිටකොටුව මැනිං වෙළඳ සංකීර්ණය පෑලියගොඩ ප්‍රතිස්ථාපනය කිරීම - උපරි ව්‍යුහය ඉදි කිරීම - අධිවේගී මාර්ගය සම්බන්ධ වන මාර්ගයේ සිට යෝජිත මැනිං වෙළඳ සංකීර්ණය දක්වා ප්‍රවේශ මාර්ගයන්හි අන්තර් සම්බන්ධිත කොටස සංවර්ධනය කිරීම හා වැඩි දියුණු කිරීම
- නව මැනිං වෙළඳ සංකීර්ණය පෑලියගොඩ ඉදි කිරීම 2016 ජනවාරි මසදී ආරම්භ කොට ඇති අතර එම ඉදිකිරීම් අවසන් කොට 2020 මාර්තු මසදී එය මහජනතාවට විවෘත කිරීමට සැලසුම් කර ඇත. එම නව වෙළඳ සංකීර්ණය සඳහා ඇති ප්‍රධාන ප්‍රවේශ මාර්ගය වන ඥානරතන මාවත මැනිං වෙළඳපොළ හා මත්ස්‍ය වෙළඳ සංකීර්ණයට විවෘත කිරීමෙන් පසු කටුනායක අධිවේගී මාර්ගය හා සම්බන්ධ වන මාර්ගයේ විශාල මාර්ග තදබදයක් ඇති විය හැකි බැවින් එම අන්තර් සම්බන්ධිත කොටසෙහි මීටර් 350ක තීරුවක් ඉතා කෙටි කලක් තුළ පුළුල් කිරීම අවශ්‍ය වී ඇත. ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, මේ වන විට මැනිං වෙළඳ සංකීර්ණයේ උපරි ව්‍යුහය ඉදි කිරීමේ කටයුතු ඉටු කරමින් සිටින මාගා ඉංජිනේරු (පුද්ගලික) සමාගම වෙත එම ඉදිකිරීම්වලට සමගාමීව අදාළ මාර්ග කොටස සංවර්ධනය හා වැඩි දියුණු කිරීමේ කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම පිණිස නාගරික සංවර්ධන, ජල සම්පාදන හා නිවාස පහසුකම් අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.