• Increase font size
  • Default font size
  • Decrease font size

2020-02-12 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් සඳහා ගාස්තු අය කිරීමකින් තොරව වීසා නිකුත් කිරීම දීර්ඝ කිරීම
- රටවල් 48කින් ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින්හට නිදහස් වීසා නිකුත් කිරීමේ වැඩසටහන 2019 අගෝස්තු 01 වැනිදා සිට මාස 06ක කාලයක් සඳහා ක්‍රියාත්මක කිරීම පිණිස 2019 ජූලි 30 දිනැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව, නිදහස් වීසා වැඩසටහන ක්‍රියාත්මක වූ කාලපරිච්ඡේදය තුළ දී මෙකී රටවල්වලින් මෙරටට පැමිණෙන සංචාරකයින්ගේ වර්ධනයක් සිදුව ඇති බව නිරීක්ෂණය වී ඇත. එම තත්ත්වය සැලකිල්ලට ගනිමින්, ගාස්තු අයකිරීමකින් තොරව වීසා නිකුත් කිරීමේ එම වැඩසටහන දැනටමත් අනුමත කර ඇති එකී රටවල් 48 සඳහා 2020 පෙබරවාරි 01 දින සිට 2020 අප්‍රේල් 30 දින දක්වා තවත් මාස 03ක කාල සීමාවක් සඳහා දීර්ඝ කිරීම පිණිස සංචාරක සහ ගුවන් සේවා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.