• Increase font size
  • Default font size
  • Decrease font size

2020-02-12 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
තිරසර සහල් නිෂ්පාදනය යටතේ ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාව හා ආරක්ෂාව සඳහා අන්තර්ජාතික විද්‍යාත්මක සහයෝගිතාව
- කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වී පර්යේෂණ හා සංවර්ධන ආයතනය ශ්‍රී ලංකාවේ වී පර්යේෂණ සම්බන්ධව වගකීම දරනු ලබන අතර, ශ්‍රී ලංකාව තුළ වගා කරනු ලබන සියලුම වී වර්ග එම ආයතනයට අදාළ පර්යේෂණ ස්ථානවල අභිජනනය කරනු ලබයි. මෙම ක්‍රියාවලිය සඳහා අවශ්‍ය උපදෙස්, මඟ පෙන්වීම්, ජාන සම්පත් හා තාක්ෂණය ලබා දීම තුළින් පිලිපීනයේ අන්තර්ජාතික සහල් පර්යේෂණ ආයතනය සිය සහයෝගිතාව ලබා දෙනු ලැබේ. ඒ අනුව, වර්තමානයේ මෙන්ම ඉදිරි කාලයේදී බලාපොරොත්තු වන දේශගුණික විපර්යාසයන්ට හා රෝග පළිබෝධයන්ට ඔරොත්තු දෙන වී වර්ග නිපදවීම සඳහා අන්තර්ජාතික සහල් පර්යේෂණ ආයතනය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම පිණිස මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය සංව‍ර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.