• Increase font size
  • Default font size
  • Decrease font size

2020-02-12 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සෞඛ්‍ය පද්ධති වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය නියාමනය සහ ඇගයීම් සඳහා උපදේශන සමාගමක් තෝරා ගැනීම සඳහා වන ප්‍රසම්පාදනය
- ආසියානු සංවර්ධන බැංකුව විසින් අරමුදල් සපයන සෞඛ්‍ය පද්ධති වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය සඳහා උපදේශකවරයෙකු තෝරා ගැනීම පිණිස ක්‍රියාත්මක කරන ලද ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද උපදේශක ප්‍රසම්පාදන කමිටුව විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශය පරිදි එකී ප්‍රසම්පාදනය Sri Lanka Business Development Centre ආයතනයට සියලුම බදු මුදල් ඇතුළත් රුපියල් මිලියන 94.23ක මුදලකට පිරිනැමීම පිණිස සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා අමාත්‍යතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.