• Increase font size
  • Default font size
  • Decrease font size

2020-02-12 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ලංකා මිනරල් සෑන්ඩ්ස් ලිමිටඩ් ආයතනය මඟින් කැණීම් කර සපයනු ලබන ඛනිජ වැලි සඳහා අගය එකතු කිරීමේ ව්‍යාපෘතිය රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරිත්ව ක්‍රමය යටතේ ක්‍රියාත්මක කිරීම
- වර්තමානයේදී අගය එකතු කරන ලද නිෂ්පාදන අලෙවි කිරීම මඟින් අනෙකුත් රටවල් ලෝක වෙළඳපොළ තුළ තරගකාරිත්වයක් නිර්මාණය කර ඇති අතර අමුද්‍රව්‍ය (Raw Form) ස්වරූපයෙන්ම ඛනිජ වැලි අපනයනය කිරීමට වඩා ඛනිජ වැලි සඳහා අගය එකතු කරන ලද නිෂ්පාදන ලෝක වෙළඳපොළ වෙත යැවීම පිළිබඳව අවධානය යොමු කිරීම අත්‍යාවශ්‍ය බව හඳුනාගෙන ඇත. එම අරමුණ සාක්ෂාත් කරගැනීම සඳහා ලංකා මිනරල් සෑන්ඩ්ස් ලිමිටඩ් ආයතනය විසින් කැණීම් කරනු ලබන ඛනිජ වැලි ප්‍රයෝජනයට ගෙන රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරිත්ව ව්‍යාපෘතියක් ආරම්භ කර අගය එකතු කර අපනයනය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම පිණිස කර්මාන්ත සහ සැපයුම් කළමනාකරණ අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.