• Increase font size
  • Default font size
  • Decrease font size

2020-02-12 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දීර්ඝකාලීනව උසස්වීම් ලබා නොසිටින පොලිස් කොස්තාපල් තනතුරේ සිට පොලිස් පරීක්ෂක තනතුර දක්වා කාන්තා සහ පිරිමි පොලිස් නිලධරයන් වෙත එක් වරක් පමණක් බලපාන පරිදි උසස්වීම් ලබා දීම
- පොලිස් නිලධරයන්ට උසස්වීම් ලබා දීමේදී පසුගිය කාලය තුළ නිසි ක්‍රමවේදයක් අනුගමනය නොකිරීම හේතුවෙන් අවශ්‍ය සුදුසුකම් සපුරා තිබියදීත් පොලිස් කොස්තාපල් තනතුරේ සිට පොලිස් පරීක්ෂක තනතුර දක්වා වන තනතුරු සඳහා උසස්වීම් ලැබීමට කාන්තා සහ පිරිමි පොලිස් නිලධරයන් විශාල පිරිසකට නොහැකි වී ඇත. නියමිත බඳවාගැනීමේ පටිපාටි අනුමතව පැවතිය ද ඒ අනුව අදාළ උසස්වීම් සිදු කර නොමැති බව පෙනී ගොස් තිබේ. එම හේතුන් මත එක් එක් අවස්ථාවලදී ලබා දී ඇති උසස්වීම් අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු 50කට ආසන්න සංඛ්‍යාවක් විභාග වෙමින් පවතී. පොලිස් මූලස්ථානය විසින් පත් කරන ලද කමිටුවක් විසින් එම තත්ත්වය අධ්‍යයනය කර අදාළ උසස්වීම් ලබා දීම සඳහා යෝජනාවලියක් සකස් කර ඇති අතර, එහි පළමු අදියර මේ වන විට ක්‍රියාත්මක කරනු ලැබ ඇත. ඒ අනුව තවදුරටත් දීර්ඝකාලීනව උසස්වීම් නොලබා සිටින පොලිස් කොස්තාපල්, කාන්තා පොලිස් කොස්තාපල්, පොලිස් සැරයන්, කාන්තා පොලිස් සැරයන්, උප පොලිස් පරීක්ෂකවරුන්, කාන්තා උප පොලිස් පරීක්ෂකවරියන්, පොලිස් පරීක්ෂකවරුන් සහ කාන්තා පොලිස් පරීක්ෂකවරියන් සඳහා උසස්වීම් ලබා දීම පිණිස මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය සංව‍ර්ධන අමාත්‍ය සහ අභ්‍යන්තර වෙළඳ, ආහාර සුරක්ෂිතතාවය සහ පාරිභෝගික සුබසාධන අමාත්‍ය සහ රාජ්‍ය ආරක්ෂක රාජ්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කරන ලද යෝජනාව ප්‍රතිපත්තිමය කරුණක් සේ සලකා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.