• Increase font size
  • Default font size
  • Decrease font size

2020-02-12 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මැඩ්රිඩ් ගිවිසුම යටතේ වෙළඳ හා සේවා ලකුණු ජාත්‍යන්තරව ලියාපදිංචි කිරීම ක්‍රියාත්මක කිරීමට හැකි වනු පිණිස මැඩ්රිඩ් සන්ධාන පත්‍රයට ප්‍රවේශ වීම හා එයට අනුකූල වන පරිදි 2003 අංක 36 දරන බුද්ධිමය දේපළ පනතට සංශෝධන සිදු කිරීම
- බුද්ධිමය දේපළ කාර්යාලය වෙත සිය වෙළඳ ලකුණු හෝ සේවා ලකුණු ලියාපදිංචි කිරීම සඳහා අයදුම්පත් ඉදිරිපත් කරනු ලබන අයදුම්කරුවන්ට එම කාර්යාලය හරහා ඍජුවම ජාත්‍යන්තරව එම කාර්යයන් ඉටු කරගැනීමට දැනට නෛතික ප්‍රතිපාදන නොමැත. ඒ සඳහා එක් එක් රටවල බුද්ධිමය දේපළ නියෝජිතයන් මඟින් වෙන් වෙන්ව අයදුම්පත් ඉදිරිපත් කළ යුතු වේ. එම තත්ත්වය යටතේ, වෙළඳ ලකුණු ලියාපදිංචි කිරීම සඳහා ලෝක බුද්ධිමය දේපළ සංවිධානය (WIPO) මඟින් පරිපාලනය කරනු ලබන මැඩ්රිඩ් සන්ධාන පත්‍රයට (Madrid Protocol) ශ්‍රී ලංකා රජය විසින් ප්‍රවේශ විය යුතු බවට යෝජනා වී ඇත. අපනයනකරුවන්ට අධිකරණ බලසීමා සමූහයකදී වෙළඳ ලකුණු ආරක්ෂා කර ගැනීම සඳහා විශ්වසනීය, පහසු සහ පිරිවැය ඵලදායී ක්‍රමයක් මැඩ්රිඩ් ක්‍රමවේදය මඟින් සලසනු ලබයි. ඒ අනුව, එම ක්‍රමවේදය යටතේ ජාත්‍යන්තරව අයදුම්පත් ඉදිරිපත් කිරීම පහසු කිරීම මඟින් ශ්‍රී ලාංකික වාණිජ ප්‍රජාව දිරිමත් කිරීම අරමුණු කොට ගෙන ශ්‍රී ලංකා රජය විසින් මැඩ්රිඩ් සන්ධාන පත්‍රයට ප්‍රවේශ වීමට සහ ඒ සඳහා බුද්ධිමය දේපළ පනතට සිදු කළයුතු සංශෝධන සිදු කිරීමට උසස් අධ්‍යාපන, තාක්ෂණ සහ නවෝත්පාදන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.