• Increase font size
  • Default font size
  • Decrease font size

2020-02-12 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයින්ට තම මාසික දායක මුදල් ගිණුම්ගත වීම පිළිබඳව ක්ෂණිකව දැනුම් දීමේ ජංගම දුරකථන කෙටි පණිවිඩ සේවාවක් ක්‍රියාත්මක කිරීම
- මේ වන විට සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකත්වය දරන ස්ථිර සේවක සංඛ්‍යාව මිලියන 2.6ක් පමණ වේ. දැනට පවතින ක්‍රමවේදය අනුව සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයින්ට තම දායක මුදල් ගිණුම්ගත වී ඇත්ද යන්න දැනගැනීම සඳහා මාස 06-12 අතර කාලයක් ගතවන අතර එම හේතුවෙන් දායක මුදල් ගිණුම්ගත වීම සම්බන්ධ ගැටලු රාශියකට සාමාජිකයින් නිරන්තරයෙන් මුහුණ පාන බවට හඳුනාගෙන ඇත. එබැවින් එම අරමුදලේ සාමාජිකයින්හට තම මාසික දායක මුදල් සිය ගිණුමට බැර වී ඇති බවට මාසිකව ඔවුන්ටම සනාථ කර ගැනීමට හැකි වන පරිදි ගිණුම්ගත වූ සැණින් සාමාජිකයා විසින් නම් කරනු ලබන ජංගම දුරකතන අංකයකට කෙටි පණිවිඩයක් මඟින් දැනුම් දීමේ සේවාවක් ආරම්භ කිරීම පිණිස නිපුණතා සංවර්ධන, රැකීරක්ෂා හා කම්කරු සබඳතා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.