• Increase font size
  • Default font size
  • Decrease font size

2025-06-16 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය (මීලග රැස්වීමේදී සම්මත කිරීමට යටත්ව)
ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වන විශේෂ ස්ථාවර තැන්පතු යෝජනා ක්‍රමය

- 2025 වර්ෂය සඳහා වන අයවැය කථාවෙහි යෝජිත පරිදි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා විශේෂ ස්ථාවර තැන්පතු ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට රජය විසින් තීරණය කරනු ලැබ ඇත. ඒ අනුව, පහත සඳහන් පරිදි යෝජිත විශේෂ ස්ථාවර තැන්පතු ක්‍රමය ක්‍රියාත්මක කිරීම පිණිස මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී:

* වයස අවුරුදු 60 හෝ ඊට වැඩි ශ්‍රී ලාංකික පුරවැසියන් විසින් 2025‑07‑01 දින සිට 2025‑12‑31 දින දක්වා වන කාලසීමාව තුළ විවෘත කරනු ලබන ස්ථාවර තැන්පතු සඳහා මෙම යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම.

* ස්ථාවර තැන්පතුවේ කාලසීමාව මාස 12ක් (වර්ෂයක්) වන අතර, උපරිම තැන්පතු වටිනාකම රුපියල් මිලියනයකි.

* බරිත සාමාන්‍ය ස්ථාවර තැන්පතු පොලී අනුපාතයට (AWFDR) අමතර වාර්ෂික 3%ක් එකතු කර ලැබෙන අගය හෝ අදාළ බැංකුවේ ප්‍රකාශිත ස්ථාවර තැන්පතු පොලී අනුපාතයට 3%ක් එකතු කර ලැබෙන අගය හෝ යන දෙකෙන් ඉහළ පොලී අනුපාතය ගෙවීම.

* සමස්ත වැඩසටහන සඳහා පොලී සහනාධාර ගෙවීම පිණිස රුපියල් බිලියන 30ක ප්‍රතිපාදන වෙන් කිරීම.