• Increase font size
  • Default font size
  • Decrease font size

2025-05-26 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය (මීලග රැස්වීමේදී සම්මත කිරීමට යටත්ව)
2024 අංක 9 දරන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත සංශෝධනය කිරීම

- 2024 අංක 9 දරන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත සංශෝධනය කිරීම පිණිස 2025‑02‑09 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමා; මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යතුමා; සහ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ අමාත්‍ය මණ්ඩල සටහන සැලකිල්ලට ගනිමින්, දැනට හඳුනාගනු ලැබ ඇති සංශෝධන සහ මහජන අදහස් විමසීමෙන් ‍අනතුරුව හඳුනාගනු ලබන සංශෝධන ඇතුළත් කරමින් එකී පනත සංශෝධනය කිරීම පිණිස නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේ ගරු විනිශ්චයකාරවරයෙකුගේ සභාපතිත්වය යටතේ අදාළ සියලු අංශ නියෝජනය කරමින් කමිටුවක් පත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දෙන ලදී.