2024-01-29 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය (මීලග රැස්වීමේදී සම්මත කිරීමට යටත්ව) |
2023/24 මහ කන්නයේ වී මිල දී ගැනීමේ වැඩසටහන - 2023/24 මහ කන්නයේ වී මිල දී ගැනීම සඳහා සහනදායී පොළී අනුපාතයක් යටතේ රාජ්‍ය හා පෞද්ගලික බැංකු හරහා ඔඩපණ ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. ඒ අනුව, පසුගිය වර්ෂ 05ක මහ කන්නවලදී එක් එක් දිස්ත්‍රික්කයේ සාමාන්‍ය නිෂ්පාදනය පාදක කරගනිමින් ණය අරමුදල් වෙන් කරනු ඇත. යෝජිත ණය යෝජනා ක්‍රමය යටතේ රුපියල් බිලියන 09ක ඔඩපණ ණය නිකුත් කිරීමට අපේක්ෂා කරනු ලබයි. සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සඳහා උපරිම වශයෙන් රුපියල් මිලියන 50ක් ද, වී ගබඩා හිමිකරුවන් සහ වී තොග රැස් කරන්නන් සඳහා උපරිම වශයෙන් රුපියල් මිලියන 25ක් ද වන පරිදි ණය මුදල් ලබා දෙනු ඇත. ණය ආපසු ගෙවීමේ කාලසීමාව දින 180ක් වේ. 15%ක් වන වාර්ෂික පොළී අනුපාතයෙන් 4%ක් මහා භාණ්ඩාගාරය විසින් දරනු ඇත. ඒ අනුව, යෝජිත වී මිල දී ගැනීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිණිස මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. |