• Increase font size
  • Default font size
  • Decrease font size



2026-06-15 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 හම්බන්තොට මහ නගර සභා සීමාවේ කෑලියපුර ග්‍රාම නිලධාරි වසමේ පිහිටි ඉඩම් කොටසක් කර්මාන්ත, බහාලුම් හා ඒ ආශ්‍රිත සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා බදු පදනම මත බැහැර කිරීම
2 සේවක අර්ථසාධක අරමුදලට සහ සේවා නියුක්තයන්ගේ භාර අරමුදලට අදාළ සියලු කාර්යයන් ඒකාබද්ධ පාලන රාමුවක් යටතේ ක්‍රියාත්මක කිරීමේ ශක්‍යතාව පරීක්ෂා කිරීම පිණිස ජ්‍යෙෂ්ඨ නිලධාරි කමිටුවක් පත් කිරීම
3 ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර අත්සන් කරනු ලැබ ඇති ගුවන් සේවා ගිවිසුම සංශෝධනය කිරීම
4 ආසියා ශාන්තිකර සහයෝගිතා ගුවන් සේවා ආරක්ෂක වැඩසටහනේ 21 වන මෙහෙයුම් කමිටු රැස්වීම සහ 14 වන ආසියා සහ ශාන්තිකර කලාපීය ගුවන් සේවා ආරක්ෂක සම්බන්ධීකරණ සංසදය ශ්‍රී ලංකාවේ පැවැත්වීම සඳහා සත්කාරකත්වය ලබා දීම
5 අලි‑මිනිස් ගැටුම් කළමනාකරණය සඳහා වන ජාතික ක්‍රියාකාරී සැලැස්ම සකස් කිරීම
6 පාසල් නේවාසිකාගාරවල පහසුකම් සංවර්ධනය කිරීම
7 බදුල්ල‑හාලිඇළ මාර්ගයේ කොටසක් පුනරුත්ථාපනය සහ වැඩිදියුණු කිරීම
8 බේස්ලයින් මාර්ගය දීර්ඝ කිරීමේ ව්‍යාපෘතියේ අදියර III ක්‍රියාත්මක කිරීම සඳහා ඉඩම් අත්පත් කර ගැනීමේ ක්‍රියාවලිය නිසා බලපෑමට ලක් වන අනවසර පදිංචිකරුවන් නැවත පදිංචි කිරීම
9 කොළොන්නාව ප්‍රදේශයේ ගංවතුර අවදානමට ලක් වන පවුල් පුනස්ථාපනය කිරීම සඳහා සහ ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ භූගත තෙල් නළ මාර්ගය මත පදිංචි අනවසර පවුල් පුනස්ථාපනය කිරීම සඳහා නිවාස වෙන් කර දීම
10 මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සඳහා නව ගොඩනැගිල්ලක් ඉදි කිරීම
11 'දිට්වා' ආපදාවෙන් බලපෑමට ලක් වූ පූජනීය ස්ථාන යළි ගොඩනැංවීමේ වැඩසටහන
12 තඹුත්තේගම-රාජාංගනය මාර්ගයේ පිහිටි අංගමුව පිටවාන (ගිනිපෙට්ටි පාලම) හරහා නව දිය මං ආකාරයේ පාලමක් ඉදි කිරීම
13 1962 අංක 19 දරන ආදායම් සංරක්ෂණ පනතේ විධිවිධාන යටතේ සාදන ලද ආදායම් සංරක්ෂණ ආඥාව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම
14 ප්‍රතිපත්ති පාදක ණය පහසුකම් - 2026 යටතේ ආසියානු සංවර්ධන බැංකුව විසින් ලබා දෙනු ලබන ණය මුදල ඉහළ නැංවීම
15 ආසියානු සංවර්ධන බැංකුවේ මුල්‍ය සහාය මත 'පශ්චාත් දිට්වා සුළිකුණාටු ප්‍රතිසංස්කරණ හා ජීවනෝපාය සහාය ව්‍යාපෘතිය' ක්‍රියාත්මක කිරීම
16 අවසාන අයවැය තත්ත්වය පිළිබඳ වාර්තාව (වාර්ෂික වාර්තාව) - 2025
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.