• Increase font size
  • Default font size
  • Decrease font size



2026-05-11 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 නාගරික සංවර්ධන අධිකාරියට අයත් කොට්ටාව නගර මධ්‍යයේ පිහිටි වලව්වේවත්ත නැමැති ඉඩම් කොටස මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා ආයෝජන යෝජනා කැඳවීම
2 ශ්‍රී ලංකාව සහ බෙලරූස් ජනරජය අතර අවබෝධතා ගිවිසුම්වලට එළඹීම
3 යාපනය තිරුවල්ලුවර් සංස්කෘතික මධ්‍යස්ථානයේ කළමනාකරණ කටයුතු පවත්වාගෙන යාම සඳහා 'භාරයක්' පිහිටුවීම
4 යාන් ඔය ජලාශය ඉදිකිරීම හේතුවෙන් කුඹුරු ඉඩම් අහිමි වූ පවුල් 245ක් සඳහා ලබා දිය යුතු විකල්ප කුඹුරු ඉඩම් වෙනුවට අතිරේක වන්දි මුදලක් ලබා දීම
5 'වාරි මහිම - අපේ උරුමය' ජාතික වැඩසටහන ක්‍රියාත්මක කිරීම
6 මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ 3 වන කොටසෙහි 2 වන අදියර (රඹුක්කන සිට ගලගෙදර දක්වා) කොන්ත්‍රාත්තු ප්‍රදානය කිරීම
7 මෙරපනම් එන්නත් ග්‍රෑම් 1න් වයල් 865,000ක් සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය
8 1975 අංක 13 දරන රාජ්‍ය උකස් හා ආයෝජන බැංකු පනත සංශෝධනය කිරීම
9 1958 අංක 29 දරන සත්ව පනත සංශෝධනය කිරීම
10 1956 අංක 47 දරන ස්ත්‍රීන්, තරුණ අය හා ළමයින් සේවයෙහි යෙදවීම පනතේ දක්වා ඇති වැරදිවලට අදාළ මූල්‍යමය දණ්ඩන සංශෝධනය කිරීම
11 ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ ආරක්ෂක සලකුණු සහ ආරක්ෂක සලකුණු කළමනාකරණය පවත්වා ගෙන යාම සඳහා සේවා සැපයුම්කරුවෙකු තෝරා ගැනීම සඳහා වන ප්‍රසම්පාදනය
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.