අප ගැන |
![]() ![]() [51(2) ව්‍යවස්ථාව, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව]
|
දැක්ම |
විධායකයට සහාය වන වඩාත් විශ්වසනීය රාජ්‍ය ආයතනය වීම. |
|
මෙහෙවර |
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 43(1) අනුව්‍යවස්ථාව ප්‍රකාරව අමාත්‍ය මණ්ඩලය වෙත පැවරී ඇති ජනරජයේ පාලනය මෙහෙයවීම පිණිස තීරණ ගැනීමේ ක්‍රියාවලියට අවශ්‍ය සියලුම සහායයන් කාර්යක්ෂම ලෙස ලබාදීම. |
|
අරමුණු |
අමාත්‍ය මණ්ඩලය විසින් තීරණ ගැනීමේදීත් සහ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභා විසින් නිර්දේශ ඉදිරිපත් කිරීමේදීත් එම කාර්යයන්ට අනලස්ව සහාය වීම. |
|
ක්‍රියාකාරකම් | |
අමාත්‍ය මණ්ඩල සංදේශ සකස් කිරීමට අදාළ උපදෙස් අමාත්‍යාංශ වෙත ලබාදීම හා එම කාර්යයේදී අමාත්‍යාංශ ලේකම්වරුන්ට හා ජ්‍යෙෂ්ඨ නිලධාරින්ට මඟපෙන්වීම.
|
|
ප්‍රතිපත්ති සම්පාදනය හා ජනරජයේ පාලනය මෙහෙයවීම සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් අමාත්‍ය මණ්ඩලය වෙත පැවරී ඇති වගකීම් ඉටු කිරීමේදී අමාත්‍ය මණ්ඩලයටත්, අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවන්ටත්, අදාළ අමාත්‍ය මණ්ඩල සංදේශ පිළිබඳව නිරවුල්ව හා අදාළ සියලු කරුණු පිළිබඳ නිසි අවබෝධයෙන් තීරණ ගැනීමට පහසු වන පරිදි, එම සංදේශ පිළිබඳව නෛතික හා ප්‍රතිපත්තිමය පසුබිම ගැඹුරින් අධ්‍යයනය කර අමාත්‍ය මණ්ඩලයටත්, අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවන්ටත් කරුණු ඉදිරිපත් කිරීම.
|
|
අමාත්‍ය මණ්ඩල සංදේශ අදාළ අමාත්‍යවරුන්ගේ නිරීක්ෂණ සඳහා යොමු කිරීම.
|
|
අමාත්‍ය මණ්ඩල සංදේශ පරීක්ෂා කිරීමෙන් පසුව අමාත්‍ය මණ්ඩල රැස්වීමේ න්‍යාය පත්‍රයට ඇතුළත් කිරීම.
|
|
අමාත්‍ය මණ්ඩල සංදේශ අදාළ නිරීක්ෂණ සමග සලකා බැලීම පිණිස අමාත්‍ය මණ්ඩල අනුකාරක සභා වෙත සහ අමාත්‍ය මණ්ඩලය වෙතත් ඉදිරිපත් කිරීම.
|
|
අමාත්‍ය මණ්ඩල අනුකාරක සභා රැස්විම්වලදී සහ අමාත්‍ය මණ්ඩල රැස්වීම්වලදී එළඹි තීරණ ඇතුළත් වාර්තා භාෂාත්‍රයෙන් සකස් කිරීම හා එකී වාර්තා ගරු අමාත්‍යවරුන් වෙතත්, අදාළ අමාත්‍යාංශ ලේකම්වරුන් හා අදාළ වෙනත් බලධරයන් වෙතත් යොමු කිරීම.
|
|
අමාත්‍ය මණ්ඩල අනුකාරක සභා සහ අමාත්‍ය මණ්ඩල රැස්වීම් සඳහා අවශ්‍ය සියලු සේවාවන් සැලසීම.
|
|
අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලබන තීරණ අදාළ අමාත්‍යාංශ වෙත දැනුම්දීම.
|
|
වැදගත් අමාත්‍ය මණ්ඩල තීරණ ක්‍රියාත්මක කිරීම පිළිබදව පසු විපරම් කටයුතු කිරීම.
|
|
අතිගරු ජනාධිපතිතුමා හෝ අමාත්‍ය මණ්ඩලය විසින් නියම කරනු ලබන වෙනත් කවර හෝ කාර්යයන් ඉටු කිරීම.
|