• Increase font size
  • Default font size
  • Decrease font size

2019-08-13 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ඉපයීම් විභවතාව උපයෝගී කර ගැනීම සඳහා වී ගොවීන් අතර වියළීමේ තාක්ෂණය ප්‍රවර්ධනය කිරීම
- කෙටීමෙන් පසු සුරක්ෂිත ගබඩා කිරීමක් සඳහා ඉහළ තෙතමනයකින් යුතු ව නෙළා ගන්නා වී අස්වැන්න නිසි පරිදි වියළීමට ලක් කළ යුතු නමුත් වියළීමට ප්‍රමාද වීම, අසම්පූර්ණ ලෙස වියළීම, අසමාන ලෙස වියළී තිබීම මත අපේක්ෂිත ප්‍රමිතිය නොමැති වීම නිසා වී තොග අඩු මිලකට විකුණා දැමීමට ගොවීන්ට සිදු වේ. එබැවින්, ජීවන වියදම පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනු කමිටුවෙහි උපදෙස් අනුව පත් කරන ලද ක්‍රියාකාරී කමිටුව විසින් නිර්දේශ කරන ලද පරිදි, වියළීමේ තාක්ෂණය ගොවීන් අතර ප්‍රචලිත කිරීමේ නියමු ව්‍යාපෘතියක්, ඉහළ නිෂ්පාදනයකට හිමිකම් කියන, වසරකට දෙවරක් වී ගොවිතැනෙහි යෙදෙන පොළොන්නරුව දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක කිරීමට යෝජනා කර ඇත. ඒ අනුව, දීප ව්‍යාප්ත වී මෝල්කරුවන්ගේ සංගමයෙහි සහාය ඇතිව ගොවිජන සේවා දෙපාර්තමේන්තුව විසින් තෝරා ගනු ලබන පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවි සංවිධාන පහක් (05) සඳහා, බදු රහිත ව රුපියල් මිලියන තුනක් (03) වටිනා ධාරිතාව මෙට්‍රික් ටොන් 02 කින් යුත් ජංගම වියළනයක් සහ බදු රහිත ව රුපියල් මිලියන හයක් (06) ක් වටිනා ධාරිතාව මෙට්‍රික් ටොන් 06 කින් යුත් ස්ථාවර වියළනයක් බැගින්, රජය විසින් දරනු ලබන වියදම නැවත අය කර ගැනීමේ යාන්ත්‍රණයක් සහිත ව ලබා දීම පිණිස අමාත්‍ය මණ්ඩලයේ නොවන ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයීම් අමාත්‍යතුමාගේ ඉල්ලීම පරිදි අතිගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.