• Increase font size
  • Default font size
  • Decrease font size

2019-08-06 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2019 අයවැය යෝජනා අංක 143: ශ්‍රී ලංගම වෙත නවීන පහසුකම් සහිත භාවිතය පහසු බස්රථ ලබා ගැනීම
- 2019 වසරේ අයවැය මඟින් වෙන් කළ රුපියල් මිලියන 1500ක ප්‍රතිපාදනය භාවිත කරමින් ලබා ගත හැකි, පරිශීලක පහසුව සලසන නවීන පහසුකම් සහිත, වායු සමනය කළ පත්ල පහත් ඩීසල් බස් රථ සංඛ්‍යාව, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය වෙත ප්‍රසම්පාදනය කිරීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.