• Increase font size
  • Default font size
  • Decrease font size

2019-08-06 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ආසියානු සංවර්ධන බැංකු මූල්‍යාධාර යටතේ ක්‍රියාත්මක ද්විතියික නගර තිරසාර සංවර්ධන ව්‍යාපෘතිය මඟින් ශ්‍රී ලංකාවේ පළාත් පාලන ආයතන 25ක් සඳහා නාගරික යටිතල පහසුකම් සැපයීම
- සංවර්ධන විභවතාවයක් සහිත දිවයිනෙහි ප්‍රධාන නගර, ආදර්ශ නගර ලෙස සංවර්ධනය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ පළාත් පාලන ආයතන 25ක් සඳහා නාගරික යටිතල පහසුකම් සැපයීම සඳහා වන ද්විතීයික නගර තිරසාර සංවර්ධන ව්‍යාපෘතියෙහි විස්තරාත්මක සැලසුම් සහ ප්‍රසම්පාදන සේවා සඳහා වන උපදේශන සේවාව අංක 55-2/1, ගාලු පාර, කොළඹ 03 ලිපිනයෙහි පිහිටි Resources Development Consultants (Pvt) Limited (ප්‍රධාන හවුල්කරු) සහ IPE Globle Limited (IPEG), India (හවුල්කරු සාමාජික) හවුල්කාරිත්ව ආයතනය වෙත ප්‍රදානය කිරීම පිණිස, අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.