• Increase font size
  • Default font size
  • Decrease font size

2019-08-06 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ ශල්‍ය වාට්ටු සහ ශල්‍යාගාර සංකීර්ණය ඉදිකිරීම
- ජනගහනය 500,000 ඉක්මවා ඇති, අති දුෂ්කර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ රාශියකින් යුත් මොනරාගල දිස්ත්‍රික්කයේ ජනතාව වෙත ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් සැපයීම සඳහා, එම දිස්ත්‍රික්කයේ ද්විතීයික මට්ටමේ සෞඛ්‍ය සේවාවක් සපයන එකම රෝහල වන මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ පවතින සීමිත ඉඩකඩ බාධාවක් වී ඇත. එම ගැටළුව විසඳීමට හැකි වන පරිදි මොනරාගල දිස්ත්‍රික් මහ රෝහල සඳහා ශල්‍ය වාට්ටු සහ ශල්‍යාගාර සංකීර්ණයක් ඉදි කිරීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.