• Increase font size
  • Default font size
  • Decrease font size

2019-08-06 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාවේ ස්වේච්ඡා සේවය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය
- දිළිඳුබව පිටුදැකීම, ළමා රැකවරණය, කාන්තාවන් සවිබල ගැන්වීම, මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය, ප්‍රජා සෞඛ්‍ය ක්‍රියාකාරකම්, ආබාධ සහිත පුද්ගලයන් සහ වැඩිහිටියන් සඳහා සහාය වීම, ආපදා අවස්ථාවන්හිදී සහන සැලසීම සහ පරිසර කළමනාකරණය ආදී අංශ පිළිබඳව සමාජ, ආර්ථික ක්ෂේත්‍රයන්හි ප්‍රවර්ධනය සඳහා ස්වේච්ඡා සේවය මඟින් අති විශාල සේවාවක් සැලසේ. එබැවින්, ශ්‍රී ලංකාව තුළ ස්වේච්ඡා සේවය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් හඳුන්වා දීම දැඩි අවශ්‍යතාවයක් බවට පත්ව ඇත. ඒ අනුව, සිවිල් සමාජය, අධ්‍යාපනඥයින්, වෘත්තිකයන්, පොදු මහජනතාව, අදාළ රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන සහ පෞද්ගලික අංශයේ ආයතනවල උපදේශකත්වය මත කෙටුම්පත් කර ඇති ස්වේච්ඡා සේවය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය සඳහාත් ඒ සඳහා යෝග්‍ය නීති කෙටුම්පත් කිරීම පිණිසත් ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් ප්‍රතිපත්තිමය වශයෙන් අනුමත කරන ලදී.