• Increase font size
  • Default font size
  • Decrease font size

2019-08-06 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මීරිගම ප්‍රදේශය තුළ ත්‍රෛභාෂා අධ්‍යාපනය සහිත නව මිශ්‍ර ජාතික පාසලක් පිහිටුවීම
- ත්‍රෛභාෂා අධ්‍යාපනය සහිත නව මිශ්‍ර ජාතික පාසලක් මීරිගම ප්‍රදේශය තුළ පිහිටුවීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව, 2020 පෙබරවාරි වන විට එම පාසලේ අධ්‍යයන කටයුතු ආරම්භ කර 6 ශ්‍රේණිය සඳහා සිසුන් ඇතුළත් කර ගැනීමට හැකි වන පරිදි එහි ඉදිකිරීම් හා අනෙකුත් සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සලසා ගැනීම පිණිස අධ්‍යාපන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.