• Increase font size
  • Default font size
  • Decrease font size

2019-08-06 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ඉස්සන් වගාව සඳහා සකස් කරන ලද විශාල ගොවිපොළ කුඩා කොටස්වලට වෙන් කිරීම වැළැක්වීම
- ඉස්සන් වගාවට යොදා ගන්නා විශාල ගොවිපල බදු කාලයෙන් අනතුරුව ඒවා කැබලි කර කුඩා ප්‍රමාණයේ ගොවිපොළ රැසක් ඇති කිරීමේ ප්‍රවණතාවයක් පවතී. එම තත්ත්වය මෙම ගොවිපළවල් විද්‍යාත්මක ලෙස හා සෞඛ්‍යාරක්ෂිත ලෙස මනා කළමනාකරණයකින් පවත්වාගෙන යාමට බාධාවකි. මෙම ප්‍රවණතාවය වැළැක්වීම සඳහා පුත්තලම දිස්ත්‍රික්කය තුළ දැනට එම වගාව සිදු කරන හා ඉස්සන් වගා ගොවිපොළක්ව තිබී මේ වන විට බදු කාලය ඉක්මවා ඇති ගොවිපොළ කුඩා කොටස්වලට වෙන් කිරීම අත්හිටුවීමටත්, ඉස්සන් වගාව අතහැර දමා ඇති විශාල ගොවිපොළ හෝ බදු කාලය අවසන් වී ඇති ගොවිපොළ කුඩා කොටස්වලට වෙන් කිරීමේදී අවම වශයෙන් වගාකරුවෙකුට අක්කර 04ක අවම භූමි ප්‍රමාණයක් ලැබෙන සේ කොටස් කිරීමට හා එම ඉඩම් තුළ පොකුණු ඉදිකිරීමේදී ඒ සඳහා ජල ජීවී වගා සංවර්ධන අධිකාරියේ නිර්දේශ ලබා ගැනීම අත්‍යවශ්‍ය කොන්දේසියක් ලෙස ඇතුළත් කිරීම සඳහාත් ඉස්සන් වගාව සඳහා යොදා ගත් විශාල ගොවිපොළ එකී වගාව ඇතුළත්ව සිදු කරන ජලජීවී වගාවට හැර වෙනත් කටයුත්තක් සඳහා යොදා නොගැනීමට ක්‍රියාමාර්ග ගනු පිණිසත්, කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.