• Increase font size
  • Default font size
  • Decrease font size

2019-08-06 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කළමැටිය ධීවර වරාය ඉදිකිරීම මඟින් බලපෑම් සිදුවන මා දැල් ධීවර කාර්මිකයින්හට සම්පූර්ණ වන්දි ලබා දීම
- කළමැටිය ධීවර වරාය ඉදි කිරීම හේතුවෙන් අගතියට පත්, කළමැටිය මා දැල් ධීවර තොටුපළෙහි ලියාපදිංචි මා දැල් හිමිකරුවන් 28 දෙනෙකු වෙත, එක් අයෙකුට රුපියල් මිලියන 05 බැගින් වන්දි මුදල් ගෙවීම සඳහා ප්‍රතිපාදන සලසා ගැනීම පිණිස, කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යතුමා; සහ මුදල් අමාත්‍යතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.