• Increase font size
  • Default font size
  • Decrease font size

2019-08-06 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මාලඹේ, තොරතුරු තාක්ෂණ උද්‍යානය තුළ පිහිටි ඉඩම් කොටස් ශ්‍රී ලංකා රසායනාගාර පර්යේෂණායතනය හා පේරාදෙණිය විශ්වවිද්‍යාලය වෙත වෙන්කර දීම
- මාලඹේ තොරතුරු තාක්ෂණ උද්‍යානය තුළ පිහිටි ප්‍රමාණයෙන් අක්කර 1 රූඩ් 0 පර්චස් 6.40ක් වූ ඉඩම් කොටසක් 30 අවුරුදු බදු පදනම යටතේ අයි.ඊ.එස්.එල්. කොලේජ් ඔෆ් ඉන්ජිනියරින් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය වෙත ලබා දීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය ලබා දී තිබුණි. එහෙත් එම ආයතනය විසින් ඊ‍ට අදාළ රජයේ බදු මුදල් නොගෙවීම හේතුවෙන් උක්ත තීරණය අවලංගු කර එම ඉඩම් කොටස ශ්‍රී ලංකා රසායනාගාර පර්යේෂණායතනය වෙත ලබා දීමට සහ එයට අමතරව අක්කර 2 රූඩ් 0 පර්චස් 7.90ක් වූ ඉඩම් කොටසක් පේරාදෙණිය විශ්වවිද්‍යාලය වෙත ලබා දීම පිණිස, මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.