• Increase font size
  • Default font size
  • Decrease font size

2019-08-06 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කොළඹ කාසල් වීදියේ කාන්තා රෝහලේ සහායක ප්‍රජනක ප්‍රතිකාර මධ්‍යස්ථානය ස්ථාපිත කිරීම
- කාසල් රෝහලේ සේවාවන් පුළුල් කිරීමේ අරමුණින් වීදුරු නළ තුළ සංසේචනය සඳහා රසායනාගාර හා ශල්‍යාගාර පහසුකම් ඇතුළත් වන පරිදි මඳසරුභාවයෙන් යුත් විවාහක යුවල සඳහා සේවා සැපයීමට සහායක ප්‍රජනක ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙනම නව දෙමහල් ගොඩනැඟිල්ලක ස්ථාපිත කිරීමට හා ඒ සඳහා වන ප්‍රතිපාදන සලසා ගැනීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.