• Increase font size
  • Default font size
  • Decrease font size

2019-08-06 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සුරාබදු ආඥාපනත යටතේ නිකුත් කළ ගැසට් නිවේදනය පාර්ලිමේන්තු අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීම
- 2016 හා 2017 අයවැය මඟින් අනුමත කළ පරිදි බදු හෝ තීරු බදු නොගෙවන ලද මත්පැන් භාවිතය වැළැක්වීම, සුරාබදු ආදායම් තවදුරටත් සුරක්ෂිත කිරීම සහ ව්‍යාජ මත්පැන් වැළැක්වීම යන අරමුණු පෙරදැරිව ආරක්ෂිත ස්ටිකරය සහ ස්ටිකර් කළමනාකරණ පද්ධතිය ක්‍රියාත්මක කිරීම සඳහා මුදල් අමාත්‍යාංශය විසින් අවශ්‍ය පියවර ගෙන ඇත. ඒ අනුව, සුරාබදු ආඥාපනතේ විධිවිධාන ප්‍රකාරව 2019 ජුනි මස 20 වන දිනැති අංක 2128/30 දරන අති විශෙෂ ගැසට් පත්‍රයේ පළ කර ඇති අංක 04/2019 දරන සුරාබදු නිවේදනය පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීම පිණිස, මුදල් අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.