• Increase font size
  • Default font size
  • Decrease font size

2019-08-06 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි කර ඇති සංචාරක ආයතන සඳහා සංචාරක සංවර්ධන බද්ද ගෙවීම උදෙසා විලම්භන කාලයක් ලබා දීම
- 2019 අප්‍රේල් 21 පාස්කු ඉරුදින සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් සංචාරක කර්මාන්තය දැඩි ලෙස බලපෑමට ලක්ව ඇති බැවින් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියෙහි ලියාපදිංචි වී ඇති ආයතන විසින් ගෙවනු ලබන සංචාරක සංවර්ධන බද්ද ගෙවීමට විලම්භන කාලසීමාවක් ලබා දීම සම්බන්ධයෙන් සංචාරක සංවර්ධන, වනජීවී සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව සලකා බලන ලදුව, 2019 ජනවාරි මස 01 දින සිට මාස 06ක කාලයක් සඳහා එම බද්ද ගෙවීම උදෙසා විලම්භන කාලසීමාවක් ලබා දීමටත් එම බදු මුදල් සමාන වාරික 12කින් නැවත අය කරගැනීම පිණිසත් අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.